ස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී

සමන් වික්‍රමාරච්චි මනොවිශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ ආභාෂය හරහාය. එබැවින් ඔහු X කණ්ඩායම සහ X කණ්ඩායමේ සිට ඉවත්ව විකාර දොඩවන අයට වඩා වැඩි දෙයක් නොකියයි. පහතින දක්වා ඇති වීඩියෝවේ සංවාදය තුල වික්‍රමාරච්චි විසින් එමී සිද්ධිය පිළිබඳව අදහස් දක්වයි. එමී සිද්ධිය යනු ලකාන් වෙත මූලික වශයෙන්ම දැඩි ලෙස බලපෑම් සහගත වූ සිද්ධියයි. ඔහුගේ සියලු ඉදිරිපත් කිරීම් … Read moreස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී

වාමාංශිකයින් සඳහා…

නිර්මාල් දේවසිරි විසින් අප වෙත විවේචනයක් එල්ල කොට තිබේ. ඒ අනුව එයට පිළිතුරු දිය යුතුව ඇත. නමුත් අපගේ පිළිතුර නිර්මාල්ට පමණක් ලබා දෙන පිළිතුරක් නොවේ. අප විසින් නිර්මාල් සලකනු ලබනුයේ අපට එරෙහි විවේචන සියල්ලේ විද්‍යාමාන සක්‍රිය නියෝජිතයා ලෙසය. ඒ නිර්මාල් විසින් සමාජවාදය, විකල්ප සමාජයක් ගොඩනැගීම, ප්‍රජාතාන්ත්‍රවාදය මෙන්ම බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව ද නියෝජනය කරනා බැවිනි.   … Read moreවාමාංශිකයින් සඳහා…

“ආදරයේ අරගලය”

“ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීමයි.” ඉහත ප්‍රකාශය ලකාන්ගේය. එහෙත් එම ප්‍රකාශය කිය වූ පමණින් එහි අර්ථය වටහා ගත නොහැක. නමුත් තමන්ට අවශ්‍ය අර්ථකතනයක් ලබා දිය හැකි ය. අද දවසේ බොහෝ දෙනකු කරමින් සිටිනුයේ ලකාන් හට එවැනි අර්ථකතන ලබා දී තමන්ගේ විපරීත ක්‍රියාවන් හෝ තමන් … Read more“ආදරයේ අරගලය”

සියල්ල දෘෂ්ටිවාදයයි

දෘෂ්ටිවාදයේ පැවැත්ම පිළිගන්නා අයගේ ස්ථාවරයන් කිසිසේත් සමජාතීය ලෙස සැලකිය හැකි හෝ සංලක්ෂිත කළ නොහැකිය. අප ජීවත් වන්නේ දෘෂ්ටිවාදාත්මකව ගොඩනැගුන සමාජයක ද නැද්ද යන්න ඔවුනට අදාළ නොවන අතර ඒ මත ඔවුන්ගේ වෙනස් කම් ක්‍රියාත්මක නොවේ. නමුත් එය තීරණය වන්නේ බොහෝ දේශපාලන සංසිද්ධීන් අධ්‍යයනය කිරීමේදී දෘෂ්ටිවාදය විශ්ලේෂණාත්මක වශයෙන් සහ විවේචනාත්මක වශයෙන් ප්‍රයෝජනවත් න්‍යායාත්මක ප්‍රවර්ගයක් ලෙස රඳවා ගත හැකිද … Read moreසියල්ල දෘෂ්ටිවාදයයි

තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය ඒවායින් වෙනස් වන මූලික ස්ථානයක් වන්නේ ඔවුන් බලය ලබාගැනීමේ අරමුණක නොවන බව මුල සිටම පැවසීමයි (නමුත් පසුව එය වෙනස් වේ). සැපටිස්ටාහි එම ගුණයට වෙනස්ව රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගත් හියුගෝ චාවේස්, එවෝ මොරාලෙස්, ලූලා ද සිල්වා වැනි වාමාංශික විකල්පයන් විසින් … Read moreතවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

ස්ලවෝය් ශිෂැක් ගැන

ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි. ධනවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් හමුවේ ලිබරල්  වාමාංශයේ හිලෑවීමට එරෙහි ව ලකානියානු-මාක්සියානු න්‍යායික ස්ථාවරයක් මත පදනම් වන විමුක්ති දේශපාලන ව්‍යාපාරයක හැඩරුව ඔහුගේ ලියවිලි සියල්ල යා කරන නූලක් මෙන් දිව යයි. ඔහුගේ ලියවිලිවලින් සාරසංග්‍රහවාදී ව තැන් තැන්වලින් උපුටා ගන්නා අයට මේ … Read moreස්ලවෝය් ශිෂැක් ගැන

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණ…. උදාහරණ 1 බෝම්බ වලින් පාසල් ආරක්ෂා කිරීම සඳහා අක්මීමන පාසලකට යොදවා තිබූ  යුධ හමුදා නිලධාරියෙකු විසින් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට තිබේ. එසේ වෙඩි තැබීමට පෙර අදාළ හමුදා නිලධාරියා සහ එම පුද්ගලයා අතර බහින් බස් වීමක් සහ පොරයක්ද ඇති වී තිබේ. අදාළ පුද්ගලයා පාසලට පැමිණ ඇත්තේ … Read moreලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

පරිසරවාදී අබිං කෑම….

නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යන්නේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 2017 අය වැය නම් කොට තිබුනේ “නීල හරිත අය වැය” නමිනි. ඒ පරිසරවාදී ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම අය වැය සකස් … Read moreපරිසරවාදී අබිං කෑම….