සරල අර්ථයෙන් පවසන්නේ නම්, ගොඩයමු කල්ලිය යනු තමන්ට අනුග්‍රහය දක්වන (වැටුප් ගෙවන) “සේරිවාණිජ මණ්ඩලයේ” ශක්තියෙන්, ජන මාධ්‍ය වල අනුග්‍රහයෙන්, දේශපාලන බලයෙන්, තවත් ආගමක් සංස්ථාපනය කරමින් සිටින පූජකයින් විශේෂයකි. එම ආගම සාම්ප්‍රදායික ආගම් වලට වඩා ඉතාම දරුණු වන්නේ සාම්ප්‍රදායික ආගම් සංස්ථාපනය වී තිබූ ලෝකය සතුව වර්තමාන අර්ථයෙන් නොපැවති පුද්ගල නිදහස තුලින්, පුද්ගල පරිකල්පනයන් සමාජය මත පැටවීමේ නිදහස සහ ඊට අදාළ ව්‍යවස්ථානුකූල නීති රීති, සංස්ථාපනය වෙනුවෙන් පෙනී සිටින බැවිනි. සමාජීය වශයෙන් සැලකුවහොත් සාම්ප්‍රදායික ආගම් වල සමාජය තුල පුද්ගලයාට අදාළව කාර්යය වී තිබුනේ අනෙකා සමග තමන්ගේ (මගේ) සම්බන්ධයේදී අනෙකාගේ ‘සමාජ සත්තාවට‘ හානි නොවන ආකාරයෙන් තම ‘පැවැත්ම‘ සාක්ෂාත් කොට ගැනීම පිළිබඳව නම් ධනවාදය ආගමක් (දෘෂ්ටිවාදය) ලෙස සැලකීමේදී එම ආගම තුල අනෙකා සමග සම්බන්ධය පවතින්නේ සංස්ථාපිත නීති රාමුවකට යටත්වය. එසේම එම නීතිමය තත්වයන් නිරන්තරව අසීමාන්තික ලෙස වර්ධනය වෙමින්, වෙනස් වෙමින් පවතී. එබැවින් ඒ තත්වය තුල ඇත්තේ අති විශාල ව්‍යාකූලත්වයකි. එපමණකින් ධනවාදය නොනවතී. එය වාතය, ජලය, ආහාර, සතා-සිවුපාවා, ගහ කොළ ඇතුළු සමස්ථ පරිසරයට බලපෑම් සහගත තත්වයක් ඇති කොට සහ තවදුරටත් ඇතිකරමින් පවතී. එහි කාර්යය වඩ වඩාත් නිෂ්පාදනය සහ පාරිභෝජනය වෙනුවෙන් එම බලපෑම් සහගත තත්වය ඉදිරියටත් වර්ධනය කිරීම සහ එසේ විය යුතු බව පිළිගැනීමට ලක් කිරීමයි. එහි අර්බුධයට විසඳුම ඇත්තේම එසේ කිරීම තුලම පමණි. ඒ අනුව මනුෂ්‍ය සම්බන්ධතා වලට අදාළ නීති රීති පමණක් නොව වාතය, ජලය, සතා-සිව්පාවා, ගහ කොළ, ඇතුළු සමස්ථ ස්වභාවයටම (nature) අදාළ නීති රීති සම්පාදනය කිරීමට සහ සංස්ථාපනය කිරීමට සිදුව ඇත (සාම්ප්‍රදායික සමාජයට එවැනි නීති අවශ්‍ය නොවිණි). එසේ කිරීමට සිදුව ඇත්තේ ඒ සියල්ලට අදාළ නිෂ්පාදන-පාරිභෝජන මැදිහත්වීම තුල ඇති වන අර්බුධය තුලය. නමුත් එන්න එන්නම අර්බුධය උග්‍ර වේ. එසේ උග්‍ර වන විට නැවත නැවතත් විසඳුම් පැමිණෙන්නේ ද පුද්ගල පරිකල්පනයන් තුලිනි.
ඉහත විස්තර කිරීම ප්‍රතික්ෂේප කරමින් X කණ්ඩායමේ කෑලි අහුලා ගෙන වැජඹෙන චින්තන ධර්මදාස වැනි කෙනෙකුට හෝ වාමාංශික බුද්ධිමතෙකුට පැවසිය හැක්කේ ආගම් විසින් ද ලෝකය එසේ පාලනය කල බවය. නමුත් එසේ කියන ඔවුනට මේ වෙනස නොපෙනෙන්නේ ඇයි ?
ශිෂැක් විසින් දැනට දින කිහිපයකට පෙර පැවති දේශනයකදී මෙසේ පැවසීය.
“අද, නවතම ජෛව ප්රවේණික සංවර්ධනයන් සමඟ, අපි නව අවධියකට පිවිසෙමින් සිටින්නෙමු. එම තත්වය විසින් හුදෙක් ස්වභාවයම (nature) වාතයට දිය කර හරී. එනම් ජෛව ජාන විද්යාවේ විද්යාත්මක ජයග්රහණවල ප්රධාන ප්රතිවිපාකය වන්නේ ස්වභාවයේ අවසානයයි. එහි සංස්කරණ නීතීන් නිර්මාණය කරගත්, දැනගත් පසුව, ස්වභාවික ජීවීන්, ශාක සහ අනෙකුත් දෑ හැසිරවීමට හැකි වස්තු බවට රූපාන්තරණය වේ. මේ අනුව, ස්වභාවය (මනුෂ්ය සහ මනුෂ්ය නොවන), “සාරහරණය” කර, එහි විනිවිදිය නොහැකි, ඝනීබූත සංයුක්තභාවය, එනම්, නොබිඳිය හැකි (අපාරගම්‍ය) ඝනත්වය, අහිමි කර ඇත. ෆ්රොයිඩ් විසින් ගෙනහැර දැක් වූ සංස්කෘතිය තුළ අසහනය, අතෘප්තිය, යන්න මේ වන විට නවතම වර්ධනයන් සමඟ සංස්කෘතිය වෙතින් ස්වභාවය වෙතට මාරු වේ. එනම්, ස්වභාවය තවදුරටත් “ස්වාභාවික” නොවේ. අපගේ ජීවිත වල විශ්වාසදායක “ඝන” සංයුක්ත පසුබිම මේ වන විට බිඳෙනසුලු යාන්ත්රනයක් ලෙස පෙනී සිටී. එය ඕනෑම අවස්ථාවක, දැඩි ව්යසනකාරී දිශාවකට පුපුරා යා හැකිය.”
ෆ්රොයිඩ් විසින් ලියන ලද “ශිෂ්ටාචාරය සහ එහි අසහනය” කෘතියේ සාකච්ඡා කරනුයේ බුද්ධිමය මැදිහත් වීම මගින් ගොඩනගන ලද සංස්කෘතික අසහනය පිළිබඳව නම් දැන් එම තත්වය සංස්කෘතිය තුල පමණක් නොව ස්වභාවය තුලට ද අවතීර්ණ වී ඇත. ඒ, ස්වභාවය වෙතට වන බුද්ධිමය මැදිහත් වීම තුලය. මෙය අතීතයේ කිසිදා නොවූ විරූ තත්වයකි. 14 වන සියවසේ නූතන විද්යාව ආරම්භ වීමෙන් පසුව, කාර්මික ධනවාදය සමගින් ඇති වූ වුර්ධීන් පසු කරමින් අද පවතින තත්වයට පැමිණ ඇත.
ඒ අනුව අප විසින් සපුරා ප්රතික්ෂේප කරනුයේ සහ එරෙහි වනුයේ සංස්කෘතිය වෙතට මෙන්ම ස්වභාවය වෙතට කරනා බුද්ධිමය (දැනුම) මැදිහත් වීමටයි.
ගොඩයමු කල්ලියට අනුව ඕනෑම අයෙකුට හෝ කණ්ඩායමකට තම අදහස් ප්‍රකාශ කිරීමට (ඔවුනට අනුව) නිදහස ඇත. එසේ කියූ පමණින් හෝ ව්‍යවස්ථාපිත වූ පමණින් එවැනි නිදහසක් සැබෑවට නොපවතී. එසේ වන්නේ ඒ නිදහස යන්න පූර්ව නිශ්චිත බල අධිකාරි ව්‍යුහයන්ට අදාලව කොන්දේසි ගතව ඇති බැවින් සහ දෘෂ්ටිවාදය නිසාය. ඒ අනුව ගොඩයමු කල්ලිය සතුව ඇති බලය අපට නොමැත. එබැවින් අපගේ කතිකාව ගොඩයමු කල්ලිය විසින් ගෙන යන ආකාරයෙන් සමාජ ගත කල නොහැකිය.
අද දවසේ ඇති බොහෝ ගැටලු තේරුම් ගනු ලබනුයේ සියලු ආකාරයේ විෂමතාවයන්, සූරාකෑම, අසාධාරණය පිළිබඳව ප්‍රශ්න ලෙස නොව නොඉවසීම (intolerance) පිළිබඳව ප්‍රශ්න ලෙසය. සමස්ත අර්බුධය සඳහා දිගින් දිගටම යෝජනා වන පිළියම් පවතින්නේ ඉවසීම (tolerance) තුලය. ඒ තුල විමුක්තිය යන්න ප්‍රතික්ෂේප කරන අතර, විමුක්තිය විහිළු සහගත යල්පැන ගිය සංකල්පයක් ලෙස, සාක්ෂාත් කොට ගත නොහැකි යුතෝපියාවක් ලෙස, අර්ථකථනය වේ. ඒ අනුව විමුක්තිය පිළිබඳව සිහිනය දරා සිටීමට වඩා, යථාර්තය භාරගැනීම සියලු දෙනාට පහසු බවක් දැනේ. එබැවින් දේශපාලන අරගල, සන්නද්ධ අරගල පවා ස්ථානගත වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ධනවාදයට අදාළ සාපේක්ෂ දිනාගැනීම් වෙනුවෙනි. නමුත් ඒ දිනා ගැනීම් සියල්ල පවතින්නේ ඉවසීම තුලය. නමුත් අරගලකරුවන් හට ඒවා ප්‍රජාතන්ත්‍රවාදය තුල යම් සාපේක්ෂ දිනා ගැනීම් ලෙස අත්විඳිය හැකි තත්වයන් පෙනී යා හැකිය. එහෙත් ඒ දෘෂ්ටිවාදයේම ස්වරූපයක් බව ඔවුන් පසක් කර නොගනී.
උදාහරණයක් ලෙස මම කවුද කියල දන්නවා නම් උඹල ඔය දඩ කොලේ ලියන්නේ නැහැ… උඹල මට කවුද යකෝ… කියා අසන කරනවෑමියෙකුට පැකිලීමකින් තොරව දඩ කොළ නිකුත් කරන පොලිස් නිලධාරියාගේ ඍජු බව පසුගිය දින සිදු වූ ගෝල්ෆේස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දකින මහාචාර්යවරයෙකුට නොපෙනෙන්නේ ලංකාව තුල ධනවාදයේ ඊළඟ පියවර සඳහා අත්‍යවශ්‍ය වන්නේ එවැනි පොලීසියක් බවය. එවිට අරගලයේ ප්‍රතිඵලය වී ඇත්තේ පොලීසිය කෙලින් කොට තැබීමයි. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ දෘෂ්ටිවාදය පිළිබඳව මේ විවේචනය ගෙන එන අප හට ද පොලීසියකට යාමට සිදුවුවහොත් ධන බලය, දේශපාලනය ඉදිරියේ නැවෙන පොලීසියක් වෙනුවට නීතිය නිසි ලෙස ක්‍රියා කරන පොලීසියක් පැවතීම යහපත් නොවන බවක් පවසන්නේ ද යන්නයි. සත්තකින්ම ධනවාදයට අප සියලු දෙනා හසු කරගන්නා තර්කනය ඇත්තේ එතනය (දෘෂ්ටිවාදය). එම ප්‍රශ්නය අසන අයට නොපෙනෙන්නේ පොලීසියේ හැසිරීමට අදාළ තත්වයේ වෙනසක්, විතැන් වීමක් පමණක් සිදුව ඇති බවය. එනම් ධනවාදය තුල බලය පිළිබඳව තත්වය, එනම් හැසිරවීමට අදාළ තත්වය, ඊට අදාළ නව ව්‍යුහාත්මක කොන්දේසීන් වෙතට මාරුවීම පමණක් සිදු වී ඇති බවය. එය එවිට පුද්ගල නිදහසේ නව තත්වයකි. එනම් අධ්‍යාපනය, විද්‍යාව, තාක්ෂනය, ජන මාධ්‍ය, ප්‍රධාන කොටගත් “ප්‍රගතිය” තුල පුද්ගල නිදහස වෙනුවෙන් අත්‍යවශ්‍ය තත්වයයි. පුද්ගල පරිකල්පනයන් නිදහසේ විකසිත වී ජයගත හැකි, එවැනි පරිකල්පනයන්ට ලෝකය මත ආධිපත්‍ය පැතිරවීමට හැකි (මූලධාර්මික පිළිගැනීමක් ලෙස සංස්ථාපනය වුන ද ක්‍රියාකාරී තලයේදී මේ තත්වය සෑම රටකටම එක ලෙස අදාළ නොවේ), නිදහසේ නව ස්වරූපයයි. ඒ අනුව එය “අනෙකා ඉවසීමේ” නව තත්වයකි. එය වඩා තීව්‍රැතාවයකින් පිළිගැනීමට ලක්වීමකි.
ඉහත කරනවෑමි-පොලිස් උදාහරණයෙන් විස්තර කරන ලද තත්වය කෙටියෙන් මෙසේ හැඳින්විය හැකිය. එනම්, එය ලිබරල් බහු සංස්කෘතිකවාදයේ මූලික දෘෂ්ටිවාදී මෙහෙයුමයි. සියලු දෙනා එහි ගොදුරු බවට පත්වේ (ගෝල්ෆේස් අරගලය පිළිබඳව අප දිගින් දිගටම ප්‍රකාශ කල දෙය). “දේශපාලනය සංස්කෘතිකකරණය” වඩ වඩාත් සිදුවන්නේ මේ තත්වය තුලය. එසේ වීම යනු දේශපාලන වෙනස්කම්, දේශපාලන අසමානතාවයන් විසින් තත්ත්වාරෝපිත (කොන්දේසි පැනවී ඇති) වෙනස්කම්, ආර්ථික සූරාකෑම යනාදියයි. ගොඩයමු කල්ලියට සේරිවාණිජ මණ්ඩලයේ අනුග්‍රහය, රාජ්‍ය අනුග්‍රහය, ජන මාධ්‍ය අනුග්‍රහය ඇතුළු සියලු වාසිදායක තත්වයන් නිර්මාණය වීම යනු දේශපාලන අසමානතාවයේ කොන්දෙසීන්ය. අප වැනි පිරිසකට ඒ හැකියාව නොමැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තුල අප සියලු දෙනා යනු සමාන, සමාන අයිතිවාසිකම් සහිත, සියලු දෙනා හට යුක්තිය හිමි, වෙනස් ලෙස සැලකිය නොහැකි, ඕනෑම දෙයක් පිළිබඳව සහ ඕනෑම දෙයකට ප්‍රවේශ වීමේ හෝ විරුද්ධ වීමේ සමාන අවස්ථා ඇති, පුරවැසියන්ය. එතරම් විහිළුවක් තවත් තිබේද? නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තුල ඒ විහිළුව විහිළුවක් සේ නොපෙනෙන්නේ දෘෂ්ටිවාදය නඩත්තු වන “දක්ෂයා” හට ඉඩ ලැබෙන තත්වයක් ඇති බැවිනි. අද ලෝකය පිළිබඳව සියලු දේ තීරණය වනුයේ එම දක්ෂයින්ගේ දූරාවලියක් තුලය. මෙය ධනවාදය ඇති වීමට පෙර නොවූ විරූ තත්වයකි…
සමහර විට, ධනවාදයේ “අනතුර” සොයා ගත යුත්තේ මෙහි විය හැකිය. එනම්, එය ගෝලීය වුවද, මුළු ලෝකයම ආවරණය වන පරිදි, එය දැඩි සංවේදන “ලෝක රහිත” දෘෂ්ටිවාදාත්මක පරිමණ්ඩලයක් පවත්වා ගෙන යන අතර, මිනිසුන් විශාල බහුතරයකට අර්ථවත් “සංජානන සිතියම්ගත කිරීමක් අහිමි කරයි. ” ධනවාදයේ විශ්වීයත්වය පවතින්නේ ධනවාදය යනු “ශිෂ්ටාචාරයක්” සඳහා වූ නමක් නොවේ යන කරුණ තුලය. එසේම එය විශේෂිත සංස්කෘතික-සංකේතාත්මක ලෝකයක් සඳහා වන නමක් ද නොවේ. නමුත් එය සැබෑ සුවිශේෂයක් නොමැති ආර්ථික-සංකේතාත්මක යන්ත්‍රයක් සඳහා වන නාමයයි. එනම් ආසියාවේදී එය ක්‍රියාත්මක වන්නේ ආසියානු වටිනා කම් තුලය. අනෙකුත් කලාප වල ඒවාට අදාළ වටිනා කම් තුලය. යුරෝපයේ ලෝක ව්‍යාප්ත ජයග්‍රහණය ඒ ආකාරයෙන් තව දුරටත් නොමැත. සිදු වී ඇත්තේ එය ස්වයං-මැකීමකට ලක්වෙමින්, යුරෝපයට ඇති පෙකණි සම්බන්ධය කපා දැමීමයි. ධනවාදයේ රහසිගත යුරෝපීය නැඹුරුව හෙළිදරව් කිරීමට උත්සාහ කරන “යුරෝකේන්ද්‍රවාදයේ” විවේචකයින් මෙහිදී කඩා වැටේ. එනම්, අධ්‍යතන ධනවාදයේ ගැටලුව එහි රහසිගත යුරෝ කේන්ද්‍රීය නැඹුරුව නොවේ. එය සැබවින්ම විශ්වීය, සමාජ සබඳතා වල සුවිශේෂීතාවයක් නොමැති ව්‍යුහයකි. ලංකාව තුල නම් මේ වන විට සිංහල බෞද්ධ වටිනා කම් මත එය හොඳින්ම ක්‍රියාත්මක වන්නේ එබැවිනි.
ප්‍රතිචාර:
https://www.facebook.com/spartacus.lipi.739/posts/pfbid0VaLCMqBcff5cSfXQP2MUYVD8jmY8sKQExQQ72Av8os5ieer5FK6UhZRTuqNeN9Lbl